Sunday, August 14, 2011

තව දින 84 කින් ලෝක ජනගහණය බිලියන 7 යි

ලෝකයේ ජනගහණය
දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද
සතියකට මිලියන 1 .8 කින් ද
වසරකට මිලියන 93 කින් ද
මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 

එක්‌සත් ජාතින්ගේ ජනගහණ අංශය පවසන පරිදි 2011 වසරේ ඔක්‌තෝම්බර් 31 වෙනිදාට ලෝක ජනගහණය බිලියන 7 ක්‌ ඉක්‌මවයි. ලෝකයේ ජනගහණය දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද සතියකට මිලියන 1.8 කින් ද වසරකට මිලියන 93 කින් ද මේ වන විට වර්ධනය වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

1800 දී මිලියන එකක්‌ව තිබූ ලෝක ජනගහණය 1963 වන විට දෙගුණයක්‌ වී තිබේ. 1987 දී එය 40% කින් වර්ධනය වී බිලියන 5 ක්‌ බවට පත් වී තිබේ. පළමු ලෝක ජනගහණ දිනය පැවැත්වීමට මුල් වූයේ එම කාරණයයි.

ආසියාව ලෝකයේ මුළු ජනගහණයෙන් 60% ක ප්‍රමාණයක්‌ ජීවත් වන ලෙස සලකන අතර එය 2050 දී බිලියන හතරේ සිට බිලියන පහ දක්‌වා වැඩිවන බවට අනාවරණය වී තිබේ. 

No comments:

Post a Comment